ජපානයේ ප්‍රබල භූකම්පනයක්

ජපානයේ ප්‍රබල භූකම්පනයක්

ජපානයේ දකුණු වෙරළ තීරයට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 7.1 ක ප්‍රබල භූකම්පනයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජපානයේ ප්‍රධාන දූපතක් වන කියුෂු හි නැගෙනහිර වෙරළ ආසන්නයේ කිලෝමීටර් 30ක් (සැතපුම් 18.6ක්) පමණ පොළොව අභ්‍යන්තරයේ එම කම්පනය සිදුවී තිබුණි.

මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට එරට කාලගුණවිද්‍යා ඒජන්සිය කටයුතු කර තිබේ.

මෙම භූකම්පනය හේතුවෙන් කුශු දූපතට සහ ශිකොකු දූපතට මීටරයක් පමණ උසැති සුනාමි රැලි ඇති වෙතැයි අනුමාන කර තිබේ.

එමෙන්ම බලධාරීන් විසින් භූ කම්පන තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද වාර්තා වේ.