E-mail ගිණුම් සැකසීමේදී නොකළ යුතු දෙයක් ගැන පොලිසියෙන් දැනුම් දීමක්

E-mail ගිණුම් සැකසීමේදී නොකළ යුතු දෙයක් ගැන පොලිසියෙන් දැනුම් දීමක්

පාසැල් දරුවන් වෙනුවෙන් විද්‍යුත් තැපෑල (E-mail) ගිණුම් සැකසීමේදී දෙමවුපියන්‌ගේ දත්ත ඇතුළත් නොකරන ලෙසත් දරුවන්ගේ නිවැරදි වයස ඇතුළු දත්ත ඇතුළත් කරන ලෙසත් පොලිස් අපරාධ අංශයේ උසස් නිලධාරීන් ප්‍රතිසංධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවසීය.

මවුපියන්ගේ දත්ත ඇතුළත් කිරීම නිසා දරුවන්ට ඕනෑම වෙබ් අඩවියකට පිවිසීමේ අවස්ථාව ලැබෙන බව ඔවුන් එහිදී පෙන්වා දී ඇත.

දරුවන්ගේ නිවැරැදි වයස ඇතුළු තොරතුරු ලබා දීම සිදු කරන්නේ නම් අන්තර්ජාල පද්ධතිය දරුවන්ට නුසුදුසු දර්ශන සහ වෙබ් අඩවි සොයා බැලීමේ හැකියාව සහ ඒවාට ප්‍රවේශ වීම පාලනය කෙරෙන බව ද පොලිස් අපරාධ අංශයේ නිලධාරින් එහිදී ප්‍රකාශ කර තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )