වෘත්තීය සමිති ක්‍රියාකාරීන් 9 දෙනකුට කොළඹ තැන් 10ක් තහනම්
කොළඹ ලිෆ්ටන් වටරවුම හා අවට ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් අද (28) පැවැත්වෙන විරොධතාවන් ට අද පෙරවරු 10.30 සිට හෙට (29) පෙරවරු 10.00 දක්වා කාලය තුළ කොළඹ ජාතික රෝහල් චතුරශ්‍රය ඇතුලු ස්ථාන 10 ට අසල උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීම තහනම් කරමින් වෘත්ති සමිති හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් 9 දෙනකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා තහනම් ආඥාවක් නිකුත් කළේය.
දුමින්ද නාගමුව, රොෂේන් සමීර, ටැම්පිටියේ සුගතානන්ද හිමි, ජගත් ධම්මික මුනසිංහ, තැන්නේ ඥාණානන්ද හිමි, ජේ බී ගුරුසිංහ, චින්තක රාජපක්ෂ, නයනා රංජනී, නිලාන් ප්‍රනාන්දු, ළහිරු චතුරංග වීරසේකර, විදර්ශන කන්නංගර යන පිරිසට මෙලෙස තහනම් නියෝග නිකුත් කර ඇත.
මරදාන පොලිස් වසමේ බණ්ඩාරනායක ගොඩනැගිල්ල , හදිසි අනතුරු ඒකකය , හදිසි ප්‍රතිකාර ඒකකය ,ඇස් රෝහල හා ප්‍රධාන රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ඉදිරිපිට හා ඒ අවට පිහිටා ඇති රෝහල් කටයුතු වලට බාධන වන පරිදි ඩීන්ස් පාර, කිංසි පාර, ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මාර්ග පදිකවේදිකා අහුරමින් උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වීම තහනම් කරමින් මෙම අධිකරණ ආඥාවක් නිකුත් කර ඇත.
මරදාන පොලිසිය මෙම උද්ඝෝෂණ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමක් සැලකිල්ල ගනිමින් මහේස්ත්රාක්වරිය මෙම නියෝගය නිකුත් කළ බව පොලිස් මුලස්ථානය පවසයි.