අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලේඛනය යාවත්කාලීන කෙරේ

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලේඛනය යාවත්කාලීන කෙරේ

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලැයිස්තුව යාවත්කාලීන කිරීමෙන් පසු එහි ඖෂධ වර්ග සංඛ්‍යාව 850 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.

ආර්ථික අර්බුදයත් සමග අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවේ ඖෂධ වර්ග සංඛ්‍යාව 383 ක් දක්වා අඩු කළ බව කී වෛද්‍ය සමන් රත්නායක මහතා විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම්වලට අවදානය යොමු කර ඖෂධ වර්ග සංඛ්‍යාව ඉහළ දැමූ බව ද සඳහන් කළේය.

නව ලේඛනයට අනුව මෙරට තුළ මේ වන විට ඖෂධ වර්ග 266 ක හිඟ පවතින බව වෛද්‍ය සමන් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

Share This