විෂ මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී ක්‍රියාගැන පොලිසියට කියන්න දුරකථන අංකයක්

විෂ මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී ක්‍රියාගැන පොලිසියට කියන්න දුරකථන අංකයක්

විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සහ වෙනත් සුවිශේෂී තොරතුරු ඒ සඳහා ස්ථාපනය කර ඇති දුරකථන අංකය ඔස්සේ ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම දුරකථන අංකය වන්නේ 1997 ය.

එම කෙටි දුරකථන අංකය ඔස්සේ.
* විෂ මත්ද්‍රව්‍ය
* සංවිධානාත්මක අපරාධ
* මහා පරිමාණ පාරිසරික හානි
* උසස් අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මකවන නවක වද සිද්ධීන් පිළිබඳ තොරතුරු දැනුම්දිය හැකිය.

පොලිසිය තුළ ස්ථාපිත විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙම කෙටි දුරකථන අංකය හඳුන්වාදී තිබේ.