ඩොලරය තවත් ඉහළට

ඩොලරය තවත් ඉහළට

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහත වැටී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.20 ක් ලෙස සහ විකුණුම් මිල රු. 309.63 ක් ලෙස දක්වා තිබෙනවා.

ඒ අනුව මාර්තු මාසයෙන් පසුව යළිත් ඩොලරයේ ගැනුම් මිල රුපියල් 300 සීමාව ඉක්මවා ගොස් තිබේ.