ඡන්දෙ දාන්න යද්දී මේ අනන්‍යතා ලේඛන වලින් එකක් අරන් යන්න

ඡන්දෙ දාන්න යද්දී මේ අනන්‍යතා ලේඛන වලින් එකක් අරන් යන්න

ජනාධිපතිවරණයේ දී සියලුම ඡන්ද දායකයින් සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තමාට අයත් ඡන්ද පොළවෙත යාමේදී රැගෙන යායුතු වලංගු අනන්‍යතා ලේඛන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව,

1. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත

2. වලංගු විදේශ ගමන් බලපත්‍රය

3. වලංගු රියදුරු බලපත්‍රය

4. රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත (විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ)

5. වැඩිහි​ටි හැඳුනුම්පත (ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් නිකුත් කළ)

6. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන පූජ්‍ය/ පූජක හැඳුනුම්පත

7. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය

8. මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත

9. ආබාධිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත
යන ලේඛන වලින් එකක් තිබීම ඡන්දය භාවිතා කිරීමේදී ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

එසේම, අපැහැදිලි හැඳුනුම්පත් (ඡායාරූපයෙන් පුද්ගලයා හඳුනාගත නොහැකි නම් හෝ නම කියවිය නොහැකි ලෙස මැකී ඇති ඇත්තම්) අමාත්‍යංශ / දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන මඟින් නිකුත් කර ඇති සේවා හැඳුනුම්පත්, ජාතික හැදුනුම්පත් ඉල්ලුම් කිරීමේ දී නිකුත් කරනු ලබන කුවිතාන්සි ආදී ඡායාරූපය සහිත හෝ රහිත වෙනත් කිසිම ලියවිල්ලක් ඡන්ද පොළේ දී පිළිගනු නොලබන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.