තවත් වෛද්‍යවරු 1300කට ලබන මස පත්වීම්

තවත් වෛද්‍යවරු 1300කට ලබන මස පත්වීම්

වෛද්‍ය හිඟයට පිළියම් ලෙස තවත් වෛද්‍යවරුන් 1300 දෙනෙකු ලබන මාර්තු මාසයේදී රජයේ රෝහල් සඳහා අනුයුක්ත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල සඳහන් කළ ඔවුන් මේ වනවිට සීමාවාසික පුහුණුවීම් අවසන් කරමින් සිටින බවයි.

පසුගිය සතියේ ද සීමාවාසික පුහුණුවීම් අවසන් කළ වෛද්‍යවරුන් 590 දෙනෙකුට පත්වීම් ලබාදී ඇත.

ඔවුන් මේ වනවිට රජයේ පුරප්පාඩු වී තිබු රෝහල් සඳහා අනුයුක්ත කර ඇති බව ද ලේකම්වරයා පැවසීය.

ඒ අනුව ඉදිරියේදී පවතින වෛද්‍ය හිඟයට විසඳුම් ලැබෙනු ඇති බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

Share This