7කට මරු කැඳවූ ෆොක්ස් හිල් අනතුරෙන් පසු DJ ප්‍රසංගයක් පවත් වලා

7කට මරු කැඳවූ ෆොක්ස් හිල් අනතුරෙන් පසු DJ ප්‍රසංගයක් පවත් වලා

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරඟාවලිය අතරතුර ඊයේ (21) සිදු වූ අනතුරෙන් පසුව ඊයේ රාත්‍රී කාලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ DJ සංගීත රාත්‍රියක්, එලෙසින්ම පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

මෙම DJ සංගීත රාත්‍රිය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබූ බැවින් එය අවලංගු කළ නොහැකි තත්වයක් පැවති බව වැඩසටහන් සංවිධායකයින් පවසා තිබෙනවා.

ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් 2024 ධාවන පථයේදී සිදු වූ අනතුරින් ජීවිත ගණනක් අහිමි වීම පිළිබඳව ඔවුන් කණගාටුව පළ කරන බවයි Fox Hill Journey නමින් සංවිධානය කර තිබෙන මෙම වැඩසටහනෙහි නිල ෆේස් පිටුවෙහි සඳහන් කර ඇත්තේ.

Share This