යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීවරයෙක්

යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීවරයෙක්

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස සිංහ රෙජිමේන්තුවේ මේජර් ජනරාල් දිනේෂ් නානායක්කාර මහතා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් පත්කර තිබේ.

එම පත්කිරීම ලබන 16 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි සිදු කර ඇති බව ශ්‍රි ලංකා යුධ හමුදා මුලස්ථානය නිවේදනය කරයි.