තිලකරත්න ඩිල්ශාන්ගේ සහය සජිත්ට

තිලකරත්න ඩිල්ශාන්ගේ සහය සජිත්ට

හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක, තිලකරත්න ඩිල්ෂාන් ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව, ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්, බේරුවල සංවිධායක තනතුරට පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ඔහු අද (14) පෙරවරුවේ විපක්ෂනායක කාර්යාලයේදී විපක්ෂනායකවරයා හමු වු අවස්ථාවේදි ලබා ගත්තේය.

වසර 17කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල දිල්ෂාන් මහතා කලක් එහි නායකත්වය ද හෙබවීය.

මේ අතර පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතා සහ ඔහුගේ බිරිඳ වන අප්සාරි තිලකරත්න මහත්මිය ද සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය හා එක්වුණි.