ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ කටයුතු ඩිජිටල් වෙයි

ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ කටයුතු ඩිජිටල් වෙයි

ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සියලුම කටයුතු ඩිජිටල්කරණය කර රජයට වසරකට රුපියල් කෝටි දෙකකට අධික මුදලක් (රුපියල් මිලියන 23 ක්) ඉතිරි කරදීමට සැළසුම් කර ඇති බවත් වෛද්‍ය ආයතනයේ පරිගණක පද්ධතිය මේ වන විටත් සියලුම දිස්ත්‍රික් කාර්යාල සමඟ ජාලගතකර ඇති බවත් ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති දර්ශන අබේරත්න මහතා පැවසීය.

ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඩිජිටල්කරණය කිරීමෙන් පසුව ජනතාවට කඩදාසි භාවිතයෙනන් තොරව සේවාවන් ඉටුකරගැනීමේ අවස්ථාව ලැබෙන බව කී අබේරත්න මහතා ඉදිරි මාස හය තුළ ඉලක්කය කරා ළඟාවීමේ හැකියාව ඇති බව ද සඳහන් කළේය.