19 හැවිරිදි තරුණියගේ පිහි පහරින් විවාහකයෙකු මරුට

19 හැවිරිදි තරුණියගේ පිහි පහරින් විවාහකයෙකු මරුට

වැල්ලවාය වීරසේකරගම ප්‍රදේශයේ දී 19 හැවිරිදි තරුණියක විසින් තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ.

මෙසේ ඝාතනය වී ඇත්තේ, නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක විවාහක පුද්ගලයෙක්.

මොවුන් දෙදෙනා නීත්‍යානුකූලව විවාහ වී නොමැතිව වීරසේකරගම ප්‍රදේශයේ කුලී නිවසක ජීවත්ව සිට ඇති අතර බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකර ඇති බවටයි හෙළිව ඇත්තේ.

පහරදීම සිදු කළ තරුණිය හල්දුමුල්ල සොරගුනේ ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක්වන අතර, සැකකාර තරුණිය වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් තරුණිය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.