ලොව දෙවන විශාලතම දියමන්තිය බොට්ස්වානාවෙන් සොයාගැනේ

ලොව දෙවන විශාලතම දියමන්තිය බොට්ස්වානාවෙන් සොයාගැනේ

ලොව දෙවන විශාලතම දියමන්තිය අප්‍රිකා රාජ්‍යයක් වන බොට්ස්වානාවේ පතලකින් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කැරට් 2,492 ක දියමන්තියක් වන මෙය බොට්ස්වානා හි කැනේඩියානු පතල් සමාගමක් වන ලුකාරා ඩයමන්ඩ් කෝපරේෂන්ට අයත් පතලකින් සොයා ගෙන ඇත.

එය 1905 දී දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් කැරට් 3,106 Cullinan දියමන්තියට පසුව සොයා ගත් දෙවන විශාලතම දියමන්තිය ලෙස සැලකේ.

මෙම දියමන්තියෙහි වටිනාකම හෝ එය මැණික් වලට කපා ගත හැකිද යන්න තවමත් ප්‍රකාශ කර නොමැති, බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මීට පෙර බොට්ස්වානා හි විශාලතම දියමන්ති සොයා ගැනීම වූයේ 2019 දී එම පතලෙන්ම සොයා ගත් කැරට් 1,758 ක ගලකි.

බොට්ස්වානා යනු ලොව විශාලතම දියමන්ති නිෂ්පාදකයෙකු වන අතර එය ගෝලීය නිෂ්පාදනයෙන් 20% ක් පමණ වේ.