දෙවුන්දර ද්විත්ව ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට

දෙවුන්දර ද්විත්ව ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට

දෙවුන්දර තරුණයන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු දෙවිනුවර ප්‍රදේශයේම පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

එම සැකකරු පෙරේදා (23) අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගන්දර පොලිස් වසමේදීය.

වෙඩිතැබීම සඳහා සැකකරුවන් පැමිණි බවට සැකකරන වෑන් රථයට ඔවුන් විසින්ම ගිනි තබා අනර්ථය සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මෙම සැකකරු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ගන්දර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලීසිය හා මතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.