සංවර්ධන නිලධාරීන්ට විශේෂ දැනුම් දීමක්

සංවර්ධන නිලධාරීන්ට විශේෂ දැනුම් දීමක්

සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග එළැඹෙන ජූනි 30 වනදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය පවසයි.

ඒ අනුව, දිවයින පුරා මධ්‍යස්ථාන 353කදී එම විභාගය පැවැත්වීමට නියමිත බවත් ඒ සඳහා අයදුම්කරුවන් 52,756ක් අයදුම්කර ඇති බවත් එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශපත් ඊමේල් ඔස්සේ යවා ඇති බවත්, එසේ නොලැබුණු අපේක්ෂකයින්ට සිය ප්‍රවේශපත www.slida.lk වෙබ් අඩවියෙන් බාගත හැකි බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

 

Share This