පස් කන්දකට යට වී කාන්තාවක් මරුට
වැසිබර කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලික පලතුරු වෙළෙඳසැලක් පිටුපස තිබූ පස් කන්දක් කඩා වැටී කාන්තාවක් මියගොස් තිබේ.
ඊයේ (04) රාත්රීයේ මහනුවර – මහියංගනය මාර්ගයේ රඹුක්වැල්ල ප්රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය හා ප්රදේශවාසීන්ගේ සහාය ඇතිව පස් කන්දට යටවූ කාන්තාව සොයාගෙන තෙල්දෙණිය රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිට ඇති බව පොලීසිය පවසයි.
එසේ මියගොස් අත්තේ, රඹුක්වැල්ල, තෙල්දෙණිය ප්රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි එම පලතුරු වෙළෙඳසැලේ හිමිකාරිය වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තෙල්දෙණිය පොලීසිය විසින් සිදුකරයි.