web hit counter
ජපුර ඉංජිනේරු පීඨ සිසුවෙක් නේවාසිකාගාරයේ ගෙල වැල ලා ගෙන මරුට

ජපුර ඉංජිනේරු පීඨ සිසුවෙක් නේවාසිකාගාරයේ ගෙල වැල ලා ගෙන මරුට

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු අද (16 ) අළුයම සිය නේවාසිකාගාරය තුළ දී ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇතැයි මහරගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ යාපනය කයිට්ස් , නාරාතනායි උතුර හි පදිංචි විග්නේෂ්වරන් අබිනෙජන් (23) හැවිරිදි සිසුවෙකු බව පොලිසිය කියයි .

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය බොරලැස්ගමුව කටුවාවල ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගෙන තිබූ ශිෂ්‍ය නේවාසිකාගාරයේ බිම් මහලේ මෙම සිසුවා ලනුවක ආධාරයෙන් ගෙළ වැළලාගෙන දිවි හානි කරගෙන තිබේ.

නේවාසිකාගාරයේ ඉහළ මාලයේ නිදා සිටි සිසුවකු අලුයම 4.30 පමණ අවදි වී පහළ මාලයට එමින් සිටියදී මේ බව දැක කෑ ගැසීමත් සමග අනෙක් සිසුන්ට ද ඇසී පැමිණ පණ ඇති බව සිතා සිරුර එල්ලෙමින් තිබූ ලණුව කපා තිබේ.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී එහි නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කොට මහරගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු එච්.එම්.ඩග්ලස් රූපසිරි මහතා පැමිණ ස්ථාන පරීක්ෂණයක් සිදු කර ඇත.

එහිදී මියගිය සිසුවා දිවි හානිකර ගැනීමට භාවිතා කළ කඹය පිටතින් ගෙන ආ එකක් බවත් එය කෙසේ නේවාසිකාගාරයට පැමිණියේ දැයි තහවුරු කරගැනීමට නොහැකි වීම නිසාත් මියගිය සිසුවාගේ ජංගම දුරකථනය අස්ථාන ගතවීම පිළිබදව සම්බන්ධයෙනුත් ඇති වූ සැකය මත හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු එච්.එම් ඩග්ලස් රූපසිරි මහතා පොලිසියට නියෝග කර ඇත්තේ මරණ පරීක්ෂණයේ ඉදිරි කටයුතු මහේස්ත්‍රාත්වරයෙකු හරහා සිදුකරන ලෙසටයි.

ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කළ අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට ද නියමිතව තිබුණි.

මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතය .

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චේලක රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වති.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )