බුත්තල ලිඳක් තුල තරුණයෙකුගේ මල සිරුරක්

බුත්තල ලිඳක් තුල තරුණයෙකුගේ මල සිරුරක්

බුත්තල පොලිස්‌ වසමේ යුදහනා ජනපදය ,බුත්තල පදිංචි වයස අවරුදු 28ක්‌ වන පිරිමි පුද්ගලයෙකු අතුරුදහන්ව ඇති බවට බුත්තල පොලිසියට ලද පණිවිඩයක්‌ මත විමර්ශන ආරම්භ කර ඇති අතර, අතුරුදහන්වූ තරුණයාගේ මළසිරුර එම ප්‍රදේශයේ ළිදක්‌ තුල තිබී සොයා ගෙන තිබේ.

මරණකරු වයස අවුරුදු 28 ක්‌ වන යුදහනා ජනපදය ,බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය සම්බන්ධව මහේස්ත්‍රාත්‌ පරීක්ෂණය සිදුකර පශ්චාත්‌ මරණ පරික්ෂණය සඳහා වැල්ලවාය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්‌ කර ඇත.

බුත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි

Share This