අක්කා ගැසූ යකඩ කූරු පහරින් දස හැවිරිදි මල්ලි මරුට

අක්කා ගැසූ යකඩ කූරු පහරින් දස හැවිරිදි මල්ලි මරුට

සෙල්ලම් කරමින් සිටියදී අක්කා විසින් යකඩ කුරකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ දස හැවිරිදි පිරිමි දරුවකු මීගමුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

එකම පවුලක ඥාතීන් වන මෙම දරුවන් දෙදෙනා සෙල්ලම් කරමින් සිටියදී පහර දුන් යකඩ කූර නළල පසාරු කරගෙන ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

පහරදීම සිදුකළ බව කියන දොළොස් හැවිරිදි දැරිය අත්අඩංගුවට ගෙන මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ආරක්ෂාව පතා ළමා නිවාසයක රැඳවීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් දැරියගේ පියා වෙනත් විවාහයක් කරගෙන ඇති අතර මව විදෙස් රැකියාවක නිරත වන බවත් විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙනවා.

කටාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share This