මාගල් කන්ද මුහුදු වෙරළේ තරුණ කාන්තා මළ සිරුරක්

මාගල් කන්ද මුහුදු වෙරළේ තරුණ කාන්තා මළ සිරුරක්

බේරුවල ගාලුපාරේ මාගල් කන්ද මුහුදු වෙරළට තරුණ කාන්තා මළ සිරුරක් ගොඩගසා තිබියදී ඊයේ (12) රාත්‍රී 9.30ට පමණ හමුවූ බව බේරුවල පොලිසිය පවසයි .

මෙසේ ගොඩගසා ඇති මළ සිරුර කාගේ කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලිසිය සඳහන් කරයි.

මියගොස් ඇති තැනැත්තිය වයස අවුරුදු විසි හයක පමණ කාන්තාවක් බවට පෙනී යන බවද පොලිසිය සඳහන් කළේය.

මළ සිරුර ගොඩ ගසා තිබූ ස්ථානයට බේරුවල හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි මහතා බේරුවල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමග පැමිණ මුලික මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර එම කාන්තා මළ සිරුර හදුනාගැනිමට මහජන සහය අපෙක්ෂා කරන බව බේරුවල පොලිසිය කියයි.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කළුතර නාගොඩ රෝහලට රැගෙන ගොස් තිබේ.