වන අලි පහර දීමකින් කාන්තාවක් මරුට

වන අලි පහර දීමකින් කාන්තාවක් මරුට

කුඹුරක පැල් සිටි විවාහක (74) වියේ පසු වු සිව්දරු මවක් වන අලි ප්‍රහාරයකට ලක්ව අද (29) මියගොස් ඇතැයි ගල්ගමුව පොලීසිය පවසයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ ගල්ගමුව ,පොරතුකඩවල ලිපිනයේ පදිංචිව සිටි එස්.ආර්.බී.ඩබ්ලිව්.එම්. චන්ද්‍රාවති කුමාරිහාමි නැමැත්තියක බව පොලීසිය සඳහන් කරයි.

ඇයගේ දරුවන් හතර දෙනාම පිටත පදිංචිව රැකියා වල නියැලෙන අතර ඇය පමණක් තනියම නිවසක වාසය කර තිබේ.

නිවසේ සිට මීටර් 500 ක් පමණ දුරින් යුත් අක්කරයක පමණ කුඹුරක වී වපුරා එහි අස්වැන්න දින දෙකක් තිස්සේ තනියම කපා එය පාගෙන ගෙට ගෙන යන තෙක් පැල් රැකීමට ගොස් සිටිය දී වන අලියා පහරදී ඇතැයි පැවසේ.