ගුවන් පාළමෙන් දක්ෂිණ අධිවේගයට පැන්න තරුණයෙකු මරුට

ගුවන් පාළමෙන් දක්ෂිණ අධිවේගයට පැන්න තරුණයෙකු මරුට

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් 1.2 කණුව අසල ඇති ගුවන් පාලම මතින් තරුණයෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයට පැන තිබෙනවා.

එහිදී එම තරුණයා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක ගැටී ඇති අතර බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම තරුණයා සිය දිවි නසා ගැනීමට මෙලෙස අධිවේගී මාර්ගයට පැන්නාද නැතහොත් වෙනත් පාර්ශවයක් විසින් පාලම මත සිට එම තරුණයා අධිවේගී මාර්ගයට තල්ලු කරා ද යන්න පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, 19 හැවිරිදි මෙනාත් බානුජ නමැති අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි පාදුක්කේ පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලයක පාඨමාලාවක් හදාරන තරුණයෙකි.

අනතුරින් මෝටර් රථයට ද හානි සිදුවී ඇති අතර මෝටර් රථ රියදුරද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර පොලීසිය සිදුකළ සොයාබැලීමේ දී මියගිය තරුණයාගේ නිවසේ තිබී තමන් සියදිවි නසාගන්නා බවට ඉංග්‍රීසි බසින් ලියන ලද ලිපියක් ද හමුවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි.