ගිනි ගන්නා පිදුරු ගොඩකට වැටී පුද්ගලයෙක් මරුට

ගිනි ගන්නා පිදුරු ගොඩකට වැටී පුද්ගලයෙක් මරුට

හොරණ මොරගහහේන පොලිස් වසමේ තලගල තල්ගහවත්ත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩකරමින් සිටි පුද්ගලයෙකු පිදුරුගොඩක හටගත් ගින්නකට වැටී අද (01) පෙරවරුවේ මියගොස් ඇත.

මොරගහහේන පොලීසිය පැවසුවේ මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙකු බවය.

මියගිය පුද්ගලයා මෙම නිවසේ මඩුවක් සකස් කිරීම සඳහා පැමිණ ඇති අතර නිවසේ හිමිකරු විසින් ඔහුට එම කටයුත්ත පවරා එම ස්ථානයෙන් බැහැරට ගොස් තිබේ.

ඔහු නැවත පැමිණෙන අවස්ථාවේදී පිරිදුරුගොඩ ඇවිලෙමින් තිබෙන අයුරු දැක එය නිවාදැමීමට උත්සාහ කිරීමේදී එම පිදුරුගොඩ තුළ අදාළ පුද්ගලයා වැටී සිටිනු දැක ඇත.

පසුව කඩිනමින් ඔහුව ඉන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණත් ඒ වනවිට එම පුද්ගලයා මියගොස් සිට ඇති බව පොලීසිය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර මොරගහහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share This