රේගු නිළධාරියෙකු විවේක කාමරය තුළ හදිසියේ මිය ගිහින්

රේගු නිළධාරියෙකු විවේක කාමරය තුළ හදිසියේ මිය ගිහින්

මත්තල ජ්‍යාතන්තර ගුවන් තොටුපොළේ රේගු නිළධාරියෙකු එහි විවේක කාමරය තුළ හදිසියේ මියගොස් ඇතැයි මත්තල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ රුක්මලේ – පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි ඩබ්.එන්.එස්.විජේතුංග නමැති රේගු නිළධාරියා බවයි වාර්තා වන්නේ.

ඔහු මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මත්තල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.