විල්පත්තුවේ දඩයමේ ගිය පිරිසකට වන අලි ප්‍රහාරයක් – දඩයක්කරුවෙක් මරුට

විල්පත්තුවේ දඩයමේ ගිය පිරිසකට වන අලි ප්‍රහාරයක් – දඩයක්කරුවෙක් මරුට

විල්පත්තුව ජාතික වන උද්‍යානයට නීති විරෝධි ලෙස ඇතුල් වී වන සතුන් දඩයම් කිරීමේ නිරත වු සිටි පිරිසකට පුක්කුලම ආසන්න ප්‍රදේශයෙදි එල්ල වු වල් අලි ප්‍රහාරයකින් එක් දඩයක්කරුවෙකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව විල්පත්තුව උද්‍යාන භාරකාර සුරංග රත්නායක මහතා පවසයි.

මෙසේ වල් අලි ප්‍රහාරයට ලක්වි අවාසනාවන්ත අයුරීන් මරණයට පත්ව ඇත්තේ කල්පිටිය මරිච්චිකට්ටි ප්‍රදේශයෙ පදිංචි 55 හැවිරිදි ඒ. මොහොමඩ් නැමති අයෙකි.

වල් අලි ප්‍රහාරයට ලක්වු දඩයක්කරුවන් කල්පිටිය හා මරිච්චිකට්ටුව ප්‍රදේශ වල පදිංචි කරුවන්ය.

මොවුන් මුහුදු මාර්ගයෙන් ධීවර යාත්‍රා උපයෝගී කර ගෙන කුදිරමලේ තුඩුව ආසන්නයෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානයට නීති විරෝධි ලෙස ඇතුල් වී වන සතුන් දඩයම් කිරීමේ නිරතව සිටියදි මද කිපි සිටි අලියකුගෙ ග්‍රහණයට ලක්වි ඇති බව වනජීවි නිළධාරීහු පවසති.

Share This