සාමනේර හිමි නමක් ලිඳකට වැටී ජීවිතක්ෂයට

සාමනේර හිමි නමක් ලිඳකට වැටී ජීවිතක්ෂයට

මීගහවත්ත නාරංවල ප්‍රදේශයේ පවත්වාගෙන යන පිරිවෙනක වැඩ වාසය කළ 12 හැවිරිදි සාමනේර හිමි නමක් ළිඳකට වැටී මියගොස් සිටිය දි ඊයේ (21) සොයාගෙන තිබේ.

අදාළ හිමිනම නොමැති බවට දැනගත් පසු සිදුකළ සොයා බැලීමේ දී අසළ පිහිටි ළිඳකට වැටි සිටිය දී සොයාගෙන තිබෙනවා.

අනතුරුව සාමණේර හිමිනම ළිඳෙන් ගොඩගෙන ඇතත් ඒ වනවිටත් උන්වහන්සේ අපවත් වී සිටි බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගහවත්ත පොලිසිට වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.