ආණ්ඩුවේ හාල් කෑ කුකුළන් මිය ගිහින්

ආණ්ඩුවේ හාල් කෑ කුකුළන් මිය ගිහින්

රජය මගින් අඩු ආදායම් ලාභීන්ට ලබාදුන් සහල් වලින් කොටසක් කුකුළන් ට ලබාදීමෙන් අනතුරුව එය ආහාරයට ගත් කුකුළන් හත්දෙනකු මිය යෑම සම්බන්ධයෙන් රසපරීක්ෂක වාර්තාවක් කැඳවන්නැයි රම්බඩගල්ල අධිකරණය නියෝග කර තිබේ.

සෞඛ්‍ය බලධාරීන් කළ කරුණු දැක්වීමකින් පසු මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කර ඇත.

රිදිගම පානගමුවේ අඩු ආදායම් ලාභියකුට ලබා දුන් සහල් රැගෙන ගොස් එයින් කොටසක් කුකුළන්ට දී ඇත.

එම සහල් ආහාරයට ගත් කුකුලන් සිහිසුනව වැටී සිටි බවත් පසුව මියගිය බවත් නිවෙස් හිමියා මහජන සෞඛ්‍ය කාර්යාලයට කළ පැමිනිල්ලේ සඳහන් වේ.

Share This