
වෙඩි සලකුණු සහිත මළ සිරුරක් හමුවෙයි
සැකකටයුතු වෙඩි තැබීම් සලකුණු සහිත මළ සිරුරක් සොයා ගෙන තිබෙන බව පොලීසිය පවසනවා.
ජා-ඇල, උස්වැටකෙයියාව වෙරළ තීරයෙන් මෙම මළ සිරුර හමුවී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි වියෙහි පමණ වන පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.
තවමත් මරණකරුගේ අනන්‍යතාව හඳුනාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.