පාසල් සිසුවියක් ගෙල වැළලාගෙන සියදිවි හානි කර ගනී

පාසල් සිසුවියක් ගෙල වැළලාගෙන සියදිවි හානි කර ගනී

පාසල් සිසුවියක් තම නිවසේ මුළුතැන්ගෙය තුල ඊයේ (23) රාත්‍රියේ සාරියකින් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.

මෙසේ ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇත්තේ, බගවන්තලාව වැපල්ටන් වත්තේ පදිංචිව සිටි එස්.ප්‍රියදර්ශනි නැමති 15 හැවිරිදි සිසුවියකි.

මියගිය පාසල් සිසුවිය බගවන්තලාව හොලිරොසරි දමිල මහා විද්‍යාලයේ 10 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ.

මිය ගිය සිසුවියගේ පියා මව හැර ගොස් ඇති බවත්, මව කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බවත්, හය දෙනෙකුගෙන් සමන්විත එම පවුල රැක බලාගනු ලබන්නේ මියගිය සිසුවියගේ වැඩිමහල් සහෝදරිය විසින් බවයි, පොලිසිය කියා සිටියේ.

වැඩිමහල් සොහොයුරිය සමග ඇති කරගත් බහින් බස් වීමක් හේතුවෙන් උරණ වී පාසල් සිසුවිය ඊයේ රාත්‍රි 07 ට පමණ නිවසේ මුළුතැන්ගෙය තුල ගෙල වැළලාගෙන සියදිව හානි කරගෙන ඇති බවට පොලිසිය සැකකරයි.

ජිවිතක්ෂයට පත් සිසුවිය සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා යොමු කර ඇත.