අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට

අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට

ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොළඹ ජාවත්ත ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

මෙම දරුවා අවුරුදු නෑගම් සදහා කොළඹ සිට මව්පියන් සමග ගම්පොළ මිත්තනියගේ නිිවසට ගොස් සිටියදි ඊයේ (15) මෙම අනාරක්ෂිත ළිදට වැටි දියේ ගිලි මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මව සහ පියා අදාළ නිවසේ නොමැති අවස්ථාවේදී මෙම දරුවා අනාරක්ෂිත ළිඳට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව මව පැමිණ දරුවා පිළිබඳ සිදුකළ සොයා බැලීමේදී නිවසට මීටර 25ක් පමණ දුරින් වූ මෙම අනාරක්ෂිත ළිදෙහි තිබී දරුවාගේ මළ සිරුර සොයා ගෙන තිබෙනවා.

Share This