ගාල් කර තිබු ත්‍රිරෝද රථයක බිළිඳු මළසිරුරක්

ගාල් කර තිබු ත්‍රිරෝද රථයක බිළිඳු මළසිරුරක්

ගාල් කර තිබු ත්‍රිරෝද රථයක පිටුපස පොහොර උරයක දමා තිබූ බිළිදු මළසිරුරක් හමු වූ බව ආගරපතන පොලිසිය පවසයි.

ආගරපතන පොලිස් වසමට අයත් හෙන්ෆොල්ඩ් වතුයායේ ඩි.එල් කොටසේ වතු නිවාස පේලියක් අසල ගාල් කර තිබු ත්‍රිරෝද රථයකින් දැඩි දුගන්ධයක් හමන බවට එම ත්‍රිරෝද රථයේ රියදුරාගේ මව ඒ පිලිබදව සොයා බැලිමේදි ත්‍රිරෝද රථයේ පිටුපස තිබී මෙම බිළිදු මල සිරුර සොයාගෙන ඇත.

ත්‍රිරෝද රථයේ රියදුරා එම වතුයායේම පදිංචිකරුවෙකු බවත්, ඔහු ත්‍රිරෝද රථයෙන් කුලි රථ ගමනක් ගොස් ආපසු (10) දින උදැසන නිවසට පැමිණ ත්‍රිරෝද රථය ගාල් කර ඇති බව දැනට කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වි ඇති බව ආගරපතන පොලිසියේ නිලධාරියා කියා සිටියේ.

බිළිදු මල සිරුර සම්බන්ධයෙන් නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කරන බව ආගරපතන පොලිසියේ නිලධාරියා වැඩිදුරටත් පැවසිය.