හිමිනමක් ආවාසගෙය තුළ ගෙලවැළලා ගනී

හිමිනමක් ආවාසගෙය තුළ ගෙලවැළලා ගනී

වැලිකන්ද මඟුල්පොකුණ සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් විහාරස්ථානයේ ආවාසය තුළ ගෙල වැලලාගෙන සිය දිවි නසාගෙන ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි.

මෙලෙස දිවි තොර කරගෙන ඇත්තේ අවුරුදු 64 ක් වයසති අරලගංවිල සෝභිතාලංකාර හිමියන් බව ඒ සම්බන්ධ පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

උන්වහන්සේ වකුගඩු රෝගය, මීමැස්මොරය, හති ඇතුළු වේදනාකාරී රෝග කීපයකින් පෙළුන හිමිනමක් බවද පොලිසිය කියයි.

හිමිනම ගෙල වැලලා ගන්නා ආකාරය විහාරස්ථානයේ තිබූ ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබෙන බවද වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා සඳහන් කළේය.

හිමිනම ගෙල වැලලා ගන්නා විට නායක ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ සැතපී සිට ඇති බවද පොලිසිය කියයි.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා ගේ උපදෙස් මත වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමාන්ත රත්නායක ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයිි.