ලොව වයස්ගතම පුද්ගලයා මියයයි

ලොව වයස්ගතම පුද්ගලයා මියයයි

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන මාරියා බ්‍රැන්යාස් මොරේරා නම් කාන්තාව මිය ගොස් තිබෙනවා .

මිය යන විට අගේ වයස අවුරුදු 117 වන අතර ඉකුත් දශක දෙක තුළ ඇය ජීවත් වූයේ ස්පාඤ්ඤයේ ‍”ඔලොට්” නගරයේ සැන්ටා මරියා දෙල් තුරා සාත්තු නිවාසයකයි.

ප්‍රංශ කන්‍යා සොහොයුරියක වන ලුසීල් රැන්ඩන්ගේ අභාවයෙන් පසු, මාරියා බ්‍රැන්යාස් මොරේරා ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකුණා.

1907 මාර්තු 04 වැනිදා අමෙරිකාවේ සැන් ෆැන්සිස්කෝහි දී උපත ලැබූ ඇය, පසුව ස්පාඤ්ඤය වෙත පැමිණ ඇත්තේ, කුඩා කාලයේ දී පවුල්ලේ සාමාජිකයන් ද සමගින්.

1918දී ඇතිවූ උණ වසංගතයෙන් සහ 2020 දී ඇතිවූ COVID-19 වසංගතයෙන් දිවි බේරාගත් මාරියා බ්‍රැන්යාස් මොරේරා පළමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක සංග්‍රාමය සහ ස්පාඤ්ඤයේ සිවිල් යුද්ධය යන සුවිශේෂි කඩඉම් රැසක් පසු කල කාන්තාවක් වෙනවා

1936-39 ඇය වෛද්යවරයෙකු සමඟ විවාහ වි ඇති අතර ඇගේ සැමියා වයස අවුරුදු 72 දී මියගොස් තිබෙනවා.

ඇයට දරුවන් තිදෙනෙක් සිටි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඇය මිය යාමට පෙර X ගිණුම තුළ මෙලෙස සඳහන් කර තිබුනා.

” දවසක මම මෙතනින් යනවා. මම මේ ශරීරයේ පැවැත්ම නවත්වනවා. දවසක් මම දන්නේ නැහැ, නමුත් ඒක. ඉතා සමීපව, මෙම දිගු ගමන අවසන් වනු ඇත, මෙතරම් කාලයක් ජීවත් වීමෙන් මා වෙහෙසට පත්ව සිටින නමුත්, එය මා සිනහවෙන්, නිදහස් හා තෘප්තිමත් වනු ඇත.”

ඇය මිය යාමෙන් පසුව ලෝකයේ දැනට ජීවත්ව සිටින වයස්ගතම පුද්ගලයා වන්නේ 1908 මැයි 23 වන දින උපත ලැබූ ජපන් කාන්තාවක් වන Tomiko Itooka වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.