කුඩා දරුවෙක් තේ දළු ප්‍රවාහන ලොරියකට බිලි

කුඩා දරුවෙක් තේ දළු ප්‍රවාහන ලොරියකට බිලි

පැලවත්ත නෙළුව මාර්ගයේදී තේ දලු රැගෙන ගිය ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන අසල නිවසකට පෙරලී සිදුවූ අනතුරකින් අවුරුදු හයක කුඩා දරුවෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි .

අනතුරින් රියදුරු සහ ගෝලයා තුවාල ලබා ඇතැයි තිනියාවල පොලිසිය පවසයි . මියගොස් ඇත්තේ යට්ටපාන 9 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටී අදිත්‍ය පුන්සර නම්වූ දරුවෙකි.

ලොරි රථය පැලවත්ත සිට තිනියාවල දිසාවට ගමන් කිරීමේ දී යට්ටපාත 09 කණුව ප්‍රදේශයේ දී අනතුර සිදුව ඇත.

තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ ගෝලයාද මීගහතැන්න රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර , තිනියාවල පොලිසිය පරීක්ෂණ පවත්වයි .

Share This