පාසල් සිසුවෙක් දියේ ගිලෙයි

පාසල් සිසුවෙක් දියේ ගිලෙයි

ලග්ගල පොලිස් වසමේ තොරපිටිය වැවේ දියනාමින් සිටි සිසුන් පිරිසක් අතුරින් එක් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (11) දහවල් කලායේදී එම අනතුර සිදුව ඇත බව පොලීය පවසයි.

එසේ මියගොස් ඇත්තේ, 17 හැවිරිදි මාදම්පේ, හලාවත ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.

මොවුන් හලාවත ප්‍රදේශයේ පිහිටි උපකාරක පන්තියක් මඟින් සංවිධානය කර තිබූ විනෝද චාරිකාවක් සඳහා පැමිණ මොරගහකන්ද ජලාශය නැරඹීමෙන් පසු තොරපිටිය වැවේ දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.

සිසුන් 10දෙනෙකු පමණ දියනාමින් සිය ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගායේ තැන්පත් කර ඇති අතර ලග්ගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.