බිග්මැච් අනතුරේ කැබ් රිය පැදවූ පාසල් සිසුවා මානසික වෛද්‍යවරයකු හමුවට

බිග්මැච් අනතුරේ කැබ් රිය පැදවූ පාසල් සිසුවා මානසික වෛද්‍යවරයකු හමුවට

බදුල්ල ධර්මදූත මහ විදුහල සහ බදුල්ල ඌව මහ විදුහල අතර පැවති 74වන ඌව මහ සංග්‍රාමය වාර්ෂික පාසල් ක්‍රිකට් තරගය පැවත්වෙමින් තිබියදී පාසල් සිසුන් පිරිසක් නංවා ගෙන බදුල්ල මල්වත්ත අසල ක්‍රීඩා පිටියේ අනාරක්ෂිතලෙස කැබ් රථයක් පදවාගෙන යමින් සිටියදී කැබ් රථය පෙරලීයාමෙන් පාසල් සිසුන් දෙදෙනකු මියගොස් සිසුන් 11කට තුවාල සිදුවීමේ අනතුරින් තුවාල ලැබු අනාරක්ෂිත ලෙස කැබ් රථය පැදවූ පාසල් සිසුවා මානසික වෛද්‍යවරයකුට යොමු කල බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අද (06) පැවසීය.

බදුල්ල ධර්මදූත මහ විදුහලේ ඉගෙනුම ලබන බදුල්ල ගල්කන්ද ප්‍රදේශයේ පදිංචි 18හැවිරිදි මෙම පාසල් සිසුවා මෙම කැබ් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල මහ රෝහලේ වාට්ටු අංක 11හි නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙන අතර, ඔහු තරමක මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙන බව පෙනී යාම නිසාවෙන් මෙසේ ඊයේ (05) මානසික වෛද්‍යවරයකුට යොමු කල බවත් ,ඉන් අනතුරුව බදුල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත එම සිසුවා යොමු කරන බවද වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

මෙම අනතුරින් තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බදුල්ල ධර්මදූත මහ විදුහලේ ඉගෙනුම ලබන පාසල් සිසුන් 11දෙනාගෙන් සිසුන් දෙදෙනකු රෝහලේ වාට්ටු අංක 11හි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහලේ වාට්ටුවෙන් පැන ගිය බවත්, නේවාසිකව ප්‍රතිකාර ලැබීමෙන් පසුව සිසුන් අටදෙනකු රෝහලෙන් පිටවී ගොස් අනතූරුදායක ලෙස කැබ් රථය පදවා තුවාල ලැබු මෙම සිසුවා පමණක් තවමත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවද වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් සදහන් කළේය .

මෙම කැබ් රථඅනතුරින් බදුල්ල ධර්මදූත මහ විදුහලේ ඉගෙනුම ලබමින් සිටි බදුල්ල හෑගොඩ රබුක්අරාව ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්.එම්.රවිදු දුලක්ශන (18) සහ පස්සර මීදුම්පිටිය ප්‍රදේශයේ පදිංචි හාලිඇල නව නිවාස සංකීර්ණයේ තාවකාලිකව නතර වී සිටි සික්කුබදුගේ හරීන්ද්‍ර රුක්මාල් (18) යන සිසුන් දෙදෙනා මියගියහ.

Share This