ජනපති සටනට එන්නේ නෑ

ජනපති සටනට එන්නේ නෑ

පෞද්ගලික හේතුවක් මත තමා ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් නොවන බව ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාට ලිපියක් යවමින් දැනුම් දී තිබේ.

ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අපේක්ෂකයා වශයෙන් තමා ඉදිරිපත් කිරීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයටත් ඔබටත් අනෙකුත් සියලුම දේශපාලන නියෝජිතවරුන්ටත් හෘදයාංගම ස්තූතිය පුද කරන බවද ඔහු එම ලිපියෙන් දන්වා ඇත.

කෙසේවෙතත්, පක්ෂයේ උන්නතිය සහ ඉදිරි කටයුතුවල සාර්ථකත්වය උදෙසා සුබ පැතුම් පිරිනමන බවද ඔහු එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.