දමිතා සහ සැමියාට අධිකරණයෙන් තහනමක්

දමිතා සහ සැමියාට අධිකරණයෙන් තහනමක්

ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණා.

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට චෝදනා එල්ලවී තිබෙනවා.

මේ අතර දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ඊයේ (02) තීන්දු කර තිබුණා.

Share This