දමිතාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

දමිතාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

අනීතිකව අත්අඩංගුවට ගැනීම හරහා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා පසුගිය 24 වනදා ඇප මත මුදාහැර තිබුණි.

කෙසේ වෙතත් තමාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයෙන් දේශපාලනයට පිවිසීම තමාට අකටයුතුකම් සිදුවීමට හේතුවී ඇති බවය.

වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාර ගතකිරීමට ක්‍රියාකළ අයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බවයි ඇය කියා සිටියේ.

මෙවර බන්ධනාගාර ගත කර සිටීමේදී පෙර තිබුණු තත්ත්වයට වඩා බන්ධනාගාරය තුළ හොඳ තත්ත්වයක් තිබුණු බවත් බන්ධනාගාරය තුළදී සියලු දෙනා හොඳින් සැලකූ බවත් ඇය කියා සිටියා.

Share This