දැදුරු ඔය ආශ්‍රිත පහත්බිම්වලට අනතුරු ඇඟවීමක්

දැදුරු ඔය ආශ්‍රිත පහත්බිම්වලට අනතුරු ඇඟවීමක්

දැදුරුඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශ වල ඉදිරි පැය කිහිපය තුල සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල දැදුරුඔය දෙපස පදිංචිකරුවන්ට සැළකිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගීශ්වර මහතා නිවේදනයකින් මගින් දන්වා සිටී.

දැදුරුඔය ද්‍රෝණියේ ඉහළ, මධ්‍යම සහ පහළ ධාරා ප්‍රදේශ වලට ඊයේ (29) රාත්‍රියේ සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් දැදුරුඔය ජලාශය පිටාර මට්ටමට පැමිණ ඇත.

ඒ හේතුවෙන් ජලාශයේ වාන් දොරටු 08 න් 06 ක් මේ වනවිට විවෘත කර ඇත. වාන් දොරටු විවෘත කිරීමෙන් දැදුරුඔය ජලාශයේ සිට දැදුරුඔයට තත්පරයට ඝන අඩි 14000 ක ජල පරිමාවක් මුදා හැරෙන බවද වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පවසයි.

දැදුරුඔය ද්‍රෝණිය තුල වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කරන ජල මාපකවල පෙන්වන ජල මට්ටම් අනුව ඉදිරි පැය කීපය තුල දැදුරුඔය ජලාශය වෙත ලැබෙන ජල පරිමාව ඉහළ යන තත්වයක් ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සදහන් වේ.

Share This