පෙම්වතියගේ පිහි පහරින් එක්දරු පියා මරුට
අලුත් රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමට යන බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත පෙම්වතිය විසින් පෙම්වතාගේ පපු ප්‍රදේශයට පිහියෙන් ඇනීමෙන් අනතුරුව බරපතල තුවාල ලැබූ පෙම්වතා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වැල්ලවාය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ, නාවලපිටියේ පදිංචි සුජිත් ප්‍රදීප් කුමාර (31) නැමැති එක්දරු පියෙකි.
මියගිය පුද්ගලයා විවාහක අයෙකු වන අතර ඔහුගේ බිරිය විදෙස්ගතවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මියගිය පුද්ගලයා සැකකාරිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර සැකකාරිය වැල්ලවාය, කොටවෙහෙර ප්‍රදේශයේ කුලී පදනම මත බෝඩිං කාමරයක රැඳී සිට ඇති බව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා අවස්ථා කීපයකදීම පෙම්වතියගේ බෝඩිං කාමරයට ගොස් ඇති අතර සිද්ධිය වූ දින ඔහු බෝඩිං කාමරයට ගිය අවස්ථාවේදී පෙම්වතිය අලුත් රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමට යන බව මියගිය පුද්ගලයාට පවසා ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.