රේගුවෙන් විශේෂ දැනුම් දීමක්

රේගුවෙන් විශේෂ දැනුම් දීමක්

රේගුව හා සම්බන්ධ තොරතුරු හා විස්තර භාවිත කරමින් ජනතාව රවටා සිදුකරන මූල්‍ය වංචාවල වර්ධනයන් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුදත්ත සිල්වා සඳහන් කළේ , රේගුවේ ලිපි ශීර්ෂ, දුරකථන අංක පමණක් නොව රේගු නිලධාරීන්ගේ නම් පවා වංචනිකයන් විසින් යොදා ගනිමින් සිටින බවය.

නාදුනන පුද්ගලයන්ගේ ගිණුම්වලට මුදල් තැන්පත් කිරීමට කිසිදිනක කටයුතු නොකරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

මෙවැනි වංචනික ක්‍රියා සිදුකරන පුද්ගලයන් පිළිබඳ කඩිනමින් දැනුම්වත් කිරීමට කටයුතු කරන ලෙස රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුදත්ත සිල්වා මහතා අවධාරණය කරයි.

Share This