ඇඳිරි නීති කාල සීමාව තුළ මාර්ග භාවිත කිරීම පිළිබඳව පොලීසියෙන් විශේෂ නිවේදනයක්

ඇඳිරි නීති කාල සීමාව තුළ මාර්ග භාවිත කිරීම පිළිබඳව පොලීසියෙන් විශේෂ නිවේදනයක්

ඇඳිරිනීතිය පනවා ඇති කාලසීමාව තුළ මාර්ගය භාවිත කිරීම පිළිබඳව පොලිස් මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ, ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ ගමන් කිරීම සඳහා පොලිස් ස්ථාන මගින් ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන බවය.

අත්‍යවශ්‍ය සේවා සහ හදිසි සේවා සඳහා ගමන් කිරීමේදී තම රාජකාරී හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බවද පොලිස් මූලස්ථානය දැනුම්දෙයි.