ශ්‍රී ලංකාවට ලකුණු 21 ක තියුණු ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 21 ක තියුණු ජයක්

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලකුණු 21ක තියුණු ජයක් වාර්තා කිරිමට සමත්විය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 9ට ලකුණු 257ක් රැස් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් හා සදීර සමරවික්‍රම ලකුණු 93ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 48.1කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 236ක් පමණි.

දසුන් ශානක, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ කඩුලු තුන බැගින් දවා ගත්හ.

 

Share This