
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (09) ඩුබායිහිදී පැවැත්වේ.
ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන එම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිතය.
ඉන්දීය කණ්ඩායම අවස්ථා 2කදී ශූරයන්ගේ කුසලානය ජයගෙන ඇති අතර නවසීලන්තය එක් අවස්ථාවකදී එය දිනාගෙන තිබේ.
ඉන්දීය කණ්ඩායම අද තරගයට එක්වන්නේ තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසයි.
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා නවසීලන්ත කණ්ඩායම අවස්ථා දෙකක දී සුදුසුකම් ලබා ඇති අතර ඉන්දීය කණ්ඩායම අවස්ථා 4 කදී සුදුසුකම් ලබා තිබේ.
ඉන්දියාව සහ නවසීලන්තය 2000 වසරේ දී ශූරයන්ගේ කුසලන අවසන් මහා තරගයේ දී එකිනෙකා මුණ ගැසී ඇති අතර එම තරගය කඩුලු 4කින් ජය ගැනීමට නවසීලන්තය සමත්වුණි.