රටට ගැළපෙන ගව හා එළු විශේෂ දෙකක් හදන්න උපදෙස්

රටට ගැළපෙන ගව හා එළු විශේෂ දෙකක් හදන්න උපදෙස්

කිරි හා මස් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා රටට ගැළපෙන ගව හා එළු විශේෂ දෙකක් හඳුන්වා දීමට පර්යේෂණ අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

දැනට කිරි හා මස් නිෂ්පාදනය සදහා ගවයින් හා එළුවන් වැනි සතුන් ආනයනය කළ ද රටේ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු නොදීම හා වෙනත් රෝගාබාධවලට ගොදුරුවීම නිසා එම සතුන් මරණයට පත්වන බව නිරීක්ෂණය වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යවරයාට පැවැසූයේ සාමාන්‍යයෙන් මෙවැනි පර්යේෂණයක් සඳහා වසර 5-7ක් දක්වා කාලයක් ගත වන බවයි.

දැනට නැගෙනහිර පළාතේ සුදු ගවයින් යොදා ගනිමින් නව ගව විශේෂයක් හඳුනාගැනීම සඳහා පර්යේෂණ ආරම්භ කර ඇති බව ද එම නිලධාරීහු සඳහන් කළහ.

කොට්ටුකච්චිය නමින් යුත් එළු විශේෂය සම්බන්ධව කොට්ටුකච්චිය ගොවිපළේ තවදුරටත් පර්යේෂණ පැවැත්වෙන බව ද ඔවුහු පැවැසූහ.

Share This