මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්ට සිතාසි

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්ට සිතාසි

අධිකරණ නියෝග නොතකා කන්කසන්තුරේ තිස්ස විහාරය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කිරීමේ වරදට මල්ලාකම් අධිකරණය හමුවේ 14 දා පෙනී සිටින ලෙස දෙමළ ජාතික ජනතා පෙරමුණේ ( TNPF ) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට සීතාසියක් යවා තිබේ.

මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් පිරිසක් යාපනයේ කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට කන්කසන්තුරේ පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම අධිකරණ නියෝගය ලබා ගෙන තිබේ.

තහනම් නියෝගයේ සඳහන් වූයේ විහාරස්ථානය අයත් ග්‍රාම සේවා වසම තුළ කිසිදු ආකාරයක විරෝධතාවයක් නොපවත්වන ලෙසය.

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට එම ප්‍රදේශයට ඇතුලුවීමද තහනම් කොට තිබියදි ඔහු පිරිසක් සමග පැමිණ කලු කොඩි ඔසවා තිස්ස විහාරය ඉදිරිපිට විරෝධතවයක් පැවැත්වීය.

මේ කාරණය සම්බන්ධයෙන් අධිකරණයට වග උත්තර බැදීම පිණිස මන්ත්‍රීවරයාව අධිකරණයට කැඳවා තිබේ.