අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් පත්කෙරේ

අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් පත්කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් 04 දෙනෙකු පත් කර තිබේ.

ඒ අනුව, මහාධිකරණ විනිසුරුවරුන් වන කේ. එම්. ජී. එච්. කුලතුංග, ඩී. තොටවත්ත සහ ආර්.ඒ. රණරාජා යන විනිසුරුවරුන් මෙලෙස පත් කර ඇති බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එමෙන්ම, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයෙකු වන එම්. සී. එල්. බී. ගොපල්ලව ද අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කර තිබේ.