“සබන් නූඩ්ල්ස්” ආනයන සමාගම් ගැන මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

“සබන් නූඩ්ල්ස්” ආනයන සමාගම් ගැන මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

“සබන්, නූඩ්ල්ස්” ආනයනයට අදාළව සමාගම් අනුගමනය කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවිය.

එසේම 1989 අංක 13 දරණ සුරාබදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ඒ සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වීමද මෙහිදී සිදු විය.

මේ සඳහා අනුමැතිය හිමි වුයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (17) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.පෙර පැවති කාරක සභා සාකච්ඡාවලදී සබන් නිෂ්පාදනය සඳහා සබන් නූඩ්ල්ස් ආනයනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වූ අතර,සමාගම් කිහිපයක් පාම් ඔයිල් මේද අම්ල ආනයනය කරන බවත්, මෑතක දී රේගු බදු වෙනස් කිරීම හේතුවෙන් මේ සඳහා 24% ක් අය කරන බවත් මෙහිදී අනාවරණය විය.

මේ අතර ඇතැම් සමාගම් මේ වන විට සබන් ,නූඩ්ල්ස් නිෂ්පාදනය සඳහා අඩු බදු අනුපාත යටතේ පැල්මිටික් සහ ලෝරික් අම්ල ආනයනය කරන බවද මෙහිදී හඳුනා ගැණුනි.

ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනයේ (ITISL) වාර්තාව අනුව සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කරන පරිදි, ‘සබන්, නූඩ්ල්ස්’ හා සසඳන විට පැල්මිටික් සහ ලෝරික් අම්ල යොදාගෙන සබන් නිෂ්පාදනය කිරීමේ විශාල තාක්ෂණික ආයෝජනයක් හෝ වෙනසක් නොමැති බවද සඳහන් විය.

මේ අනුව, සබන්, නූඩ්ල්ස් සෘජුවම ආනයනය කරනවාට වඩා සැලකිය යුතු අඩු මුදලකට අම්ල ආනයනය කිරීම මගින් අදාළ ආයතන වංචාවන් සිදු කරනවාද නැද්ද යන්න සොයා බැලිය යුතු බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අවධාරණය කරන ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනයේ වාර්තාව තහවුරුකොට කාරක සභාව වෙත ලබා දෙන නිර්දේශ කළේය. එසේම බදු සංශෝධනය මගින් උපයන මාසික ආදායම පිළිබඳවත්, වෙළඳපොළේ සබන් මිල උච්ඡා වචනය වන ආකාරය පිළිබඳව කාරක සභාව දැනුවත් කරන ලෙසත් මුදල් අමාත්‍යාංශයට නිර්දේශ කරන ලදි.

තවද 2024 වසර සඳහා ජාතික විගණන කාර්යාලයේ අයවැය ඇස්තමේන්තු සලකා බලනු ලැබූ අතර, ඒ සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය.

රාජ්‍ය අමාත්‍ය (ආචාර්ය) සුරේන් රාඝවන්, (වෛද්‍ය) සීතා අරඹේපොල මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, නිමල් ලන්සා, ප්‍රේම්නාත් සී. දොලවත්ත, මධුර විතානගේ, පාඨලී චම්පික රණවක, මයන්ත දිසානායක, හර්ෂණ රාජකරුණා, වජිර අබේවර්ධන, ඉසුරු දොඩන්ගොඩ යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට සහභාගි වූහ.

Share This